නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කොමිෂන් සභාව හමුවට

නොවැ 29, 2020

    ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා පත්කළ කමිටුව සිය වාර්තාව මගින් යෝජනා කළ වැදගත් නිර්දේශ,පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවසන් පනත් කෙටුම්පතෙහි අන්තර්ගත නොවූ බව,පොලිස් නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේය.

    ඒ, අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පළමු වරට සාක්ෂි ලබා දෙමිනි.

    ඔහු කියා සිටියේ 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත තුළ අන්තර්ගත දුර්වලතා මග හැරවීමේ අරමුණින් නව ප්‍රතිත්‍රස්ත පනත හඳුන්වා දීමට එවකට පැවති රජය සැලසුම් කළ බවයි.

    ඒ අනුව 2016 වසරේ අප්‍රේල් මස 21 වැනිදා එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රතිත්‍රස්ත පනත සකස් කිරීම සඳහා කමිටුවක් පත් කළ බව අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

    නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ, නීතිය හා සාමය පිළිබඳ එවකට අමාත්‍ය ධුරය දැරූ සාගල රත්නායක, ආරක්ෂක ලේකම්, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිවරයා සහ එවකට නිතිපති දෙපාර්තමේන්තුවෙ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයකු වූ යසන්ත කෝදාගොඩ ඇතුළු පිරිසක් එම කමිටුවේ සමාජිකයන් වූ බවයි.

    Latest News