ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

නොවැ 28, 2020

    ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ඉදිරි පැය 24 තුළදී, අඩු පීඩන තත්වයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ඌව, මධ්‍යම, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වල ස්ථාන ස්වල්පයක අද සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකිය.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරුවලින් වැළකී සිටින ලෙස කාලගුණ දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

    Last modified on සෙනසුරාදා, 28 නොවැම්බර් 2020 10:37

    Latest News