විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් දිවයිනට

නොවැ 28, 2020

    විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයින් 149ක් අද (28) දිවයිනට පැමිණීමට නියමිත බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කරයි.

    ඒ අනුව අද උදෑසන දෝහා කටාර් සිට පුද්ගලයින් 44ක් සහ ඉන්දියාවේ සිට පුද්ගලයන් 53දෙනෙකු පැමිණ තිබේ. එසේම දෝහා කටාර් සිට තවත් පුද්ගලයින් 52දෙනෙකු මෙරටට පැමිණීමට නියමිතව ඇති බව සදහන්ය. මෙලෙස පැමිණෙන පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සදහා යොමු කෙරෙනු ඇත.

    යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ ඊයේ (27) දිනයේ දී විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් 492ක් දිවයිනට පැමිණි බවයි. ඒ අතරින් විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේ සිටි විභාග අවසන් කළ ශිෂ්‍ය කණ්ඩායමන් ද දිවයිනට පැමිණ තිබේ.

    Latest News