ප්‍රාථමික අධ්‍යාපන ක්ෂේත්රයේ විශේෂඥ උපදෙස් අනුව මේ වන විට සකස්කොට තිබෙන දළ පිටපත පිළිබඳ වැඩිදුර අධ්‍යයනයටත් එහි සිදු විය යුතු සංශෝධන පිළිබඳ සොයා බලා අවසන් තීරණයක් ගැනීම සඳහාත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන්වහන්සේගේ සභාපතිත්වයෙන් නව දෙනෙකුගෙන් යුත් කමිටුවක් එහිදී පත් කෙරිණි.
ඒ අනුව අදාළ කමිටුවේ නිර්දේශ සහිතව මේ පිළිබඳ අවසන් තීරණ ගැනීම පිණිස 2020/12/11 වැනි දින අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව රැස්වීමට නියමිතය.
මෙම අවස්ථාව සඳහා කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත, මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ සහ අධ්‍යාපන අමාත්‍යංශය, ජාතික අධ්‍යාපන ආයතනය, පළාත් සභා, ජාතික ළමා ලේකම් කාර්යාලය ඇතුළු ආයතන ගණනාවක නිලධාරීහු පිරිසක් ද සහභාගී වූහ.