අඟුණකොළපැලැස්සට දෙවන පරීක්ෂණ කණ්ඩායමක්

ජන 18, 2019

    අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ට පහරදීම සම්බන්ධව සොයා බැලීමට දෙවන පරීක්ෂණ කණ්ඩායමක් පත් කෙරේ.

    හෙට සිට එම කණ්ඩායමේ පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිත අතර එහි වාර්තාව ලබන 25 වන දිනට පෙර විෂය භාර අමාත්‍යතුමියට භාරදීමට අපේක්ෂිතයි.

    2018.11.22 වන දින සිදුවූ මෙම පහරදීම සම්බන්ධයෙන් සොයා බැලීමට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළගේ උපදෙස් පරිදි මෙම දෙවන පරීක්ෂණ කණ්ඩායම පත් කොට ඇත.

    එම දෙවන කණ්ඩායමේ සාමාජිකයින් වන්නේ,

    01.ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් පී.එම්.නානායක්කාර මහතා
    02.රාජ්‍ය පරිපාලන හා ආපදා කළමණාකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් බී.එම්.එම්.එම්.බස්නායක මහත්මිය
    03.අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජී.ඩී.ඒ.ස්වර්ණලතා මහත්මිය

    මේ පිළිබදව පරීක්ෂණ පැවැත්වීම සදහා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමියගේ උපදෙස් පරිදි පත් කළ, පළමු පරීක්ෂණ කමිටුව මේ වන විටත් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිට පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙන අතර එහි වාර්තාව ලබන සදුදා ලබාදීමට නියමිතයි.

    Latest News