ආපන ශාලා පවත්වා ගැනීමට ඊසි කැෂ් ක්‍රමයට මුදල් බැර කිරීමේ වංචාවක්

නොවැ 19, 2020

    ආපනශාලා සහ සංචාරක නිකේතන පවත්වාගෙන යමට වෛද්‍ය සහතිකයක් ලබාදිමට ඊසි කැෂ් ක්‍රමයට මුදල් බැර කරන ලෙසට හැටන් ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් පිරිසකට දුරකථන ඇමතුම් ලබාදීම සම්බන්ධයෙන් හැටන් දික්ඔය නගර සභාවට පැමිණිලි.

    හැටන් නගරයේ පවත්වාගෙන යන සංචාරක නිකේතන කිහිපයක සහ ආපන ශාලා කිහිපයකට වෛද්‍්‍ය සහතිකයක් නිකුත් කිරිමට ඊසි කැෂ් ක්‍රමයට මුදල් බැර කරන ලෙසට කර ඇති ඉල්ලිමක් සම්බන්ධයෙන් හැටන් දික්ඔය නගර සභාව වෙත පැමිණිලි කිහිපයක් (19) දින ලැබි ඇති බව එම නගර සභාවේ මහජන සෞඛ්යැය පරික්ෂක ආර්.ආර්.එස් මැදවෙල මහාතා පැවසිය.

    හැටන් නගරයේ සංචාරක නිකේතන සහ ආපන ශාලා කිහිපකට මහජන සෞඛ්ය  පරික්ෂකවරයෙක් වශයෙන් හදුන්වාදුන් පුද්ගලයෙකු දුරකථන ඇමතුම් ලබාගෙන එම සංචාරක නිකේතන වල සහ ආපනශලා වල අඩුපාඩුකම් රාශියක් තිබෙන බවත් එවන් තත්ත්වයක් මත සංචාරක නිකේතන සහ ආපනශාලා කොවිඩ් - 19 වෛරසය පැතිර යාමේ අවධානම සමග පවත්වාගෙන යාමට නොහැකි බවත්, එම දුරකථන ඇමතුම ලබාදුන් පුද්ගලයා විසින් සංචාරක නිකේතනයේ අයිතිකරුවන්ට සහ ආපන ශාලා හිමියන්ට දැනුම්දී ඇත.

    කොවිඩ් -19 වෛරසය හමුවේ සංචාරක නිකේන සහ ආපන ශාලා පවත්වාගෙන යමට ඒ ශ්‍රේණියේ වෛද්‍ය සහතිකයක් අනිවාර්යය බවත්, එ වෛද්‍ය සහතිකය නිකුත් කිරිමට විවිධ මුදල් ගණන් සදහන් කරමින් එම මුදල ඊසිකැෂ් ක්‍රමයට බැර කරන ලෙසට එම ව්‍යාජ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා තමන්ට දැනුම් දුන් බවයි, එම සංචාරක නිකේතන හිමිකරු කියා සිටියේ.

    මෙසේ මුදල් ඉල්ලා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු වශයෙන් පෙනීී සිටින පුද්ගලයෙකු හැටන් නගරයේ ව්‍යාපාරිකයින් රැසකට දුරකථන ඇමතුම් ලබාදීම සම්බන්ධයෙන් තමන් වෙත පැමිණිලි කිහිපයක් ලැබි ඇති බවත්, එවැනි පුද්ගලයන්ට හසු නොවන ලෙසත් හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ආර්.එස් මැදවෙල මහතා පැවසීය.

    Latest News