නාරාහේන්පිට රථගාල ඉදිකිරීම ඇරඹේ

නොවැ 19, 2020

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය මගින් මහල් නවයකින් යුත් රථගාලක් සමග බහුකාර්ය ගොඩනැගිල්ලක් ඉදිකිරීමට නාරහෙන්පිටදී අද ආරම්භ කෙරිණ.

    ඒ රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතාගේ ප්‍රධානත්වයෙන්.

    ඉදිකිරීමෙන් පසු මෙම ගොඩනැගිල්ල වර්ග මීටර් 25,077 යුක්ත වේ.

    එහි පළමු දෙවන පලමු දෙවන තුන්වන සහ හතරවන මහල් රථ වාහන නැවතුම සඳහාත් බිම් මහල බස් රථ නැවතුම සහ වෙළඳ පරිශ්‍රයක් ලෙසත් පස් වන මහල ආපනශාලා සහිත හරිත ප්‍රදේශයක් ලෙසත් හයවන හත්වන අටවන සහ නම වන මහල් නිවාස ව්‍යාපෘතියක් සඳහාත් යොදා ගැනේ.

    එහිදී එක් මහලක නිවාස 10 බැගින් නිවාස හතලියක ව්‍යාපෘතියකිිිිින්ද සමන්විතයි.

    පයිලිිිින් සහ මූලික බිම් සැකසීම සඳහා රුපියල් මිලියන එකසිය හතළිස් හතක් ද පසුව ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන 1500ක් ද ඇස්තමේන්තු ගත කර තිබේ.

    මේ බිම් ප්‍රමාණය පර්චස් 265 කිි.

    මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා නාගරික සංවර්ධන අධිකාරියේ ගරු අධ්‍යක්ෂ ජනරාල් එන් පී කේ රණවීර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියේය.

     

    Latest News