කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විදේශ ආධාර ව්‍යාපෘති සම්බන්ධීකරණයට විශේෂ ලේකම් කාර්යාලයක්

නොවැ 15, 2020

    කෘෂිකර්ම අමාත්‍යාංශය හා ඒ යටතේ ක්‍රියාත්මක රාජ්‍ය අමාත්‍යාංශවලට සම්බන්ධ විදේශ ආධාර ව්‍යාපෘති සම්බන්ධීකරණයට අදාල විශේෂ ලේකම් කාර්යාලයක් විවෘත කෙරිණ.

    ඒ කෘෂිකර්ම අමාත්‍යාංශය පරිශ්‍රයේදීයි. ලෝක බැංකුව සහ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා ජාත්‍යන්තර අරමුදල හෙවත් “IFAD” යටතේ දිවයින පුරා කෘෂි ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කෙරේග අදාල ව්‍යාපෘතිවල කටයුතු අධීක්ෂණයල කාර්යක්ෂම කිරීම මෙන්ම නිවැරදි සම්බන්ධීකරණයක් තුළින් විධිමත් කිරීම මෙම නව ලේකම් කාර්යාලයේ කාර්යභාරයට අයත් වෙයි.

    කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් නව ලේකම් කාර්යාලයේ කටයුතු ආරම්භ කෙරුණා. ඩී.බී. හේරත්, මොහාන් සිල්වා යන රාජ්‍ය අමාත්‍යවරුන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ විදේශ ආධාර ව්‍යපෘතිවල නියෝජිතයින් ද මෙම අවස්ථාවට එක්ව සිටියේ ය.

    ගෙවතු වගාවේ සිට මහා පරිමාණ කෘෂි ව්‍යපෘති දක්වා විවිධ විදේශ ආධාර ක්‍රියාත්මක කෙරෙනවා, එහෙත් ඒ පිළිබඳ නිවැරදි සම්බන්ධීකරණයක් මෙන්ම තොරතුරු ජාලගතවීමක් මෙතෙක් සිදුවූයේ නැත. එම අඩුපාඩු නිරාකරණය කරමින් රටට ඵලදායී ලෙස මෙම විදේශ ආධාර ව්‍යාපෘති අධීක්ෂණය නව ලේකම් කාර්යාලය මඟින් සිදුකිරීමට නියමිතය. සාම්ප්‍රදායික කෘෂිකාර්මික රටාවට නව තාක්ෂණික සහාය ලබාදීමත් මෙම විදේශ ආධාර ව්‍යාපෘති මඟින් සිදු කෙරන තවත් කාර්යභාරයක්. ඒ දැනුමද විධිමත්ව දිවයින පුරා ගොවිජනතාව වෙත ගලායන පරිදි සම්බන්ධීකරණ නව ලේකම් කාර්යාලය ඔස්සේ සිදුකිරීම සැලසුමයි.

    කෘෂි ව්‍යවසායකයින් සහ කෘෂිකර්ම අමාත්‍යාංශය අතර ගිවිසුම් කීපයක් අත්සන් කිරීම ද මීට සමගාමීව එම ස්ථානයේ දී සිදුකෙරිණ. අදාළ ව්‍යවසායකයින් හා අමාත්‍යාංශය වෙනුවෙන් එහි ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සුමේද පෙරේරා මහතා ඊට අත්සන් තැබිණි. ගොවිජනතාවත්. පාර්භෝගික ජනතාවත් ආරක්ෂා කරමින් මෙරට කෘෂි ක්ෂේත්‍රය නව මාවතකට යොමු කිරීමේ වැඩසටහන් මාලාවේ එක් වැසටහනක් ලෙස මෙම විදේශ ආධාර ව්‍යාපෘති සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය ස්ථාපිත කෙරිණ.

    Latest News