පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවති ‘ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ ජාතික වැඩසටහන’ යටතේ පිහිටුවා ඇති ‘පොළොන්නරුව දිස්ත්‍රික් දේශීය නිෂ්පාදන කර්මාන්ත වැඩිදියුණු කිරීමේ සංවර්ධන කමිටුවට’ සහභාගී වෙමින් අමාත්‍යවරයා නවා බව පවසා ඇත.
මෙම නව කර්මාන්තපුරය ඉදිකෙරෙන්නේ කර්මාන්ත අමාත්‍යාංශය විසින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවත්වාගෙන යනු ලබන ලක්ෂ උයන කර්මාන්තපුරයට අමතරවයි.
මෙම කර්මාන්ත පුර මගින් කර්මාන්තකරුවන්ට සහන රැසක් ලැබෙන බවත් ප්‍රදේශයේ රැකියා විරහිත පිරිස්වලට රැකියා අවස්ථා ලැබෙන බවත් විමල් වීරවංශ මහතා මෙහිදී පෙන්වා දී තිබේ.
එසේම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැණික් කර්මාන්තයේ නියැලී සිටින කර්මාන්තකරුවන්ගේ ගැටළු රැසකට මෙහිදී පිළියම් යෙදීමට ද ඒ මහතා කටයුතු කළේය.
ඒ තම විෂය පථය යටතේ පවතින ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ උප කාර්යාලයක් ඇලහැර ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට පියවර ගැනීමට අදාළ නිළධාරීන්ට උපදෙස් දෙමිය.
ඒ අනුව ඉදිරියේදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ප්‍රදේශ වලින් හඳුනාගන්නා මැණික් නිධි සඳහා ඉහත උප කාර්යාලය මගින් නිසි නීතිමය ක්‍රමවේද යටතේ දිස්ත්‍රික්කයේ මැණික් කර්මාන්තකරුවන්ට බාධාවකින් තොරව තම කර්මාන්තයෙහි නියැලීමට ඉඩකඩ නිර්මාණය කරදීමට අමාත්‍යවරයා මෙහිදී එකඟී තිබේ.
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුකෙරෙන බැවින් පතල් කැණීමෙන් පසු ඉහත රක්ෂිත ප්‍රදේශවල නැවත වන වගා කටයුතු සිදු කර නියමිත පරිදි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීම ද ගැටලුවකින් තොරව සිදුවන බවට සහතිකයක් ද ලැබෙන බවත් වීරවංශ මහතා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දේ.