මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

නොවැ 10, 2020

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය සීමිත සේවක සංඛ්‍යාවක් යොදා ගනිමින් හෙට සිට (11) නැවත විවෘත කිරීමට තීරණය කර ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

    කොරෝනා වංසගත තත්වයත් සමග වසා දැමුණු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නා‍රාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලය තවදුරටත් වසා තැබෙන බවයි,එහි වැඩිදුරටත් සදහන් වන්නේ.

    එම කාර්යාලය හරහා සැපයෙන සේවාවන් යාපනය,අනුරාධපුරය,කුරුණෑගල,ගම්පහ හා හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාල හරහා සැපයීමට මේ වන විට පහසුකම් සපයා ඇති බවයි,එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

    Latest News