කථින පිංකම් ගැන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකයෙන් නිවේදනයක්

නොවැ 09, 2020

    ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වසංගතයෙහි සීඝ්‍ර පැතිරීමක් ඇති මෙම කාලවකවානුවෙහි ඉදිරි සති කිහිපය තුළ බෞද්ධ සිද්ධස්ථාන ආශ්‍රිතව යෙදෙන කඨින පිංකම් වල දී මෙම කොවිඩ්-19 වසංගත රෝගය පැතිරීම වැළැක්වීම පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරාය නිවේදනයක් නිතුක් කරමින් පවසයි.

    විශේෂයෙන් නිදන්ගත රෝග සතිය ජ්‍යෙෂ්ඨ පුරවැසියන් කොවිඩ්-19 රෝගය සඳහා දැඩි අවධානම් කණ්ඩායමක් වන හෙයින්ද සමස්ථයක් ‍වශයෙන් සියලු දෙනාටම කොවිඩ්-19 රෝගය වැළඳීමේ ප්‍රවණතාවයක් අති හෙයින්ද කථින පිංකම් සමයෙහි කොවිඩ්-19 රෝගය පැතිරවීම වැළැක්වීම කෙරෙහි භික්ෂූන් වහන්සේලා මෙන්ම සියළු දායක දායිකාවන්ගේ විශේෂ මැදිහත් වීමක් අත්‍යවශ්‍ය වෙයි.

    මෙම කාලය තුළ පෙරහැර ආදී ජනතාව එක් රොක්වන කටයුතු නොකිරීම,විවිධ පරිත්‍යාග,පූජා භාණ්ඩ රැස්කිරීමට හෝ ආගමික වතාවත් පැවැත්වීමට නිවසින් ‍නිවසට නොයෑම කළ යුතුය. මේ වන විට පවතින අවධානම් මට්ටමෙහි අදියරයට අනූව පූජනීය ස්ථාන තුළ සිටිය හැකි බැතිමතුන්ගේ උපරිම සංඛ්‍යාව 25 දෙනෙක්ට සීමා කළ යුතු අතර පුද්ගල දුරස්ථතාව,දෙදෙනෙකු අතර අවම දුර මීටරයක පරතරය තබා ගත යුතුය. මුඛ ආවරණ නිසි ලෙස පැළඳීම ඇතුළු මෙම වසංගතය වැළැක්වීමේ සියළු නිර්දේශිත සෞඛ්‍ය උපදෙස් නිරතුරුවම පිළිපැදිය යුතුය.

    මේ අනූව පවතින තත්වය හමුවේ උක්ත කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් මෙම කථින පිංකම් සඳහා සහභාගී වන්නන් විශේෂයෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අතර කොවිඩ්-19 රෝගය පැතිරීම සිදු නොවීමට අවශ්‍ය සියලු පියවර ගැනීමට වග බලාගන්නා මෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ තරුණ,වැඩිහිටි හා ආබාධ සහිත පුද්ගලයන් සදහා වූ ඒකකය ඉල්ලා සිටියි.

    Latest News