ජනාධිපති අරමුදල - ලේක්හවුස් වෙතට

ජන 17, 2019

    ජනාධිපති අරමුදල ලබන 18 වැනි දින සිට නව ගොඩනැගිල්ලක ස්ථාපනය කෙරේ. ජනතාවට වඩාත් පුළුල් සහ කාර්යක්ෂම සේවාවක් සැපයීම අරමුණයි.

    ජනාධිපති අරමුදල දැනට ක්‍රියාත්මක වන්නේ, කොළඹ 01, ජනාධිපති මාවත, රේණුකා ගොඩනැගිල්ල, අංක 41 දරණ ස්ථානයේ සිටයි. එය ලබන 18 වැනි දින කොළඹ 10, ඩී.ආර්.විජේවර්ධන මාවත, ලේක්හවුස් ගොඩනැගිල්ල, තුන්වැනි මහල අංක 35 දරණ ස්ථානයේ පිහිටුවීමට පියවර ගෙන තිබේ.

    ඊට අදාළ කටයුතු හේතුවෙන් එදින සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාවට සිදුවන අපහසුතාව පිළිබද කණගාටුව පළ කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ජනාධිපති අරමුදලේ සේවා කටයුතු ජනවාරි 21 සිට යථා පරිදි සිදු කෙරේ. ඒ හා සම්බන්ධ විය හැකි දුරකථන අංක ද පෙර පරිදිම ක්‍රියාත්මකයි. ඒ අනූව, ජනතාවට 011-2331245, 011-2431610 සහ 011-2382316 යන දුරකථන අංක මගින් ජනාධිපති අරමුදල හා සම්බන්ධ විය හැකියි.

    Latest News