ගලෙන්බිඳුනුවැව ගොවි දුක

ජන 17, 2019

    වන අලි උවදුරින් ගලෙන් බිඳුනුවැව ප්‍රදේශයේ බඩ ඉරිඟු වගාවන් රැසක් විනාශ වෙමින් පවතින බව ගොවි ජනතාව පවසති.

    මේ හේතුවෙන් අක්කර 2,000ක් පමණ බඩඉරිඟු විනාශ වීමේ අවදානමක් පවතී. ගලෙන්බිදුණුවැව, මාන්නන්කට්ටිය, ගල්කැටියාව, මෙගොඩ වැව යන ගම්මානවල ගොවි පවුල් 1,200ක් පමණ බඩඉරිඟු වගාවේ යෙදෙති. ඔවුහු අක්කර 2,000ක පමණ බඩඉරිඟු වගාකර තිබේ. නමුත් එම වගාවන්ට වන අලින්ගෙන් දැඩි ලෙස හානි සිදුවේ. දිනකට අක්කර 2කට වඩා වැඩි ප්‍රමාණයක බඩඉරිඟු වන අලින් විසින් විනාශ කරන බව ගොවිහු පවසති.

    මෙම වන අලි රංචුව පලවා හැරීමට කිසිඳු බලධාරියෙකු ඉදිරිපත් නොවන බවත් ඔවුහු චෝදනා කරයි. නොබෝ දිනකින් අස්වැන්න නෙලිය හැකි මෙම බඩඉරිඟු වගාවන් අලින්ගෙන් ආරක්ෂා කර ගැනීමට කඩිනම් විසඳුමක් ලබා දෙන ලෙස ගොවීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

    Latest News