GMO ට රාජිතගෙන් අමතක නොවන පාඩමක්

ජන 16, 2019

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, තමන්ට එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පිළිතුරු ලබාදෙයි.

    කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේ.
    එහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා...
    “පසුගිය දිනවල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කිව්වා ජනාධිපතිතුමත් එක්ක කරපු සාකච්ජාවක් ගැන. මම ජනාධිපතිතුමාගෙන් අහන්න ගියේ නැහැ . ජනාධිපතිතුමා සඳුදා හවස මට කතා කළා. මට එදා එතුමත් එක්ක කතා කරන්න බැරිවුණා. මම ඊයේ උදේ එතුමට කතා කළා. මම ඇහුවා මොකක්ද මේ ඔබතුමා කියලා තියෙන්නේ කොමිසමක් දාලා තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ කියලා.

    එතුමා හිනාවෙලා කිව්වා මොන පිස්සු කොමිසමක් ද ඩොක්ටර් අමාත්‍යාංශයට විරුද්ධව කොමොහමද ජනාධිපති කොමිසම් පත් කරන්නේ කියලා. මේක තමයි ඇත්ත කතාව. මේක තමයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය. මේක අද තුට්ටු දෙකේ දේශපාලන පක්‍ෂයක අතකොලුවක් බවට පත්වෙලා තියෙනවා.

    ඒ විතරක් නොවෙයි ඔවුන් තරුණ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරියන් බියපත් කරලා තමයි තමුන්ගේ සාමාජිකත්වය තියාගෙන ඉන්නේ. මේගොල්ලෝ තමයි හොර ආණ්ඩුව පත්වුණු හැටියේ ඒ ගොල්ලෝ ලිව්වා ඒ ආණ්ඩුව පිළිගන්න කියලා සියලුම තානාපති කාර්යාලවලට. මේ මොකක්ද මේ පෙන්වන්නේ ලංකාවේ වෛද්‍යවරු ඒ ආණ්ඩුවට කියලා. නමුත් මේ රටේ ඉන්නේ තානාපතිවරුත් දන්නවා මේ කට්ටිය කවුද කියලා.

    මේ ගොල්ලෝ දේශපාලනය කරන්නේ අද කාටවත් ඡන්දයක් ඉල්ලලා දිනන්න බැරි විධියට මැර ක්‍රියා කරලා වෛද්‍ය සංගමය අල්ලාගෙන ඉන්නෙ. දැන් මේකෙන් පේනවා මේගොල්ලන් වෛද්‍යවරු ද කියලා. මේ වගේ බොරු කියලා, මේ වගේ ක්‍රියාමාර්ග ගන්න මොන තරම් පහත් තත්වයකට වැටුණු මිනිස්සුද කියලා. තේරෙනවා යැයි රාජිත සේනාරත්න මහතා මාධ්‍ය හමුවේ දී කියා සිටියේය.

    Last modified on බදාදා, 16 ජනවාරි 2019 20:35

    Latest News