කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකුටත් කොරෝනා

නොවැ 03, 2020

    කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකුට කෝවිඩ් - 19 වයිරසය ආසාදනයවී ඇතැයි, එම නගර සභා ආරංචි මාර්ග අනාවරණය කරයි.

    මෙම නාගරික මන්ත්‍රීවරයා උතුරු කොළඹ පදිංචිකරුවෙකු වන අතර, මේ වනවිට කොළඹ අයිඩීඑච් රෝහලට ඇතුළත් කර ඇතැයි පැවසේ.

    පසුගිය 30 වැනි දින කොළඹ මහනගර සභාවේ මාසික සභා රැස්වීමට මෙම මන්ත්‍රීවරයා සහභාගීවී ඇතැයි, නගර සභාවේ උසස් නිළධාරියෙකු පැවසීය.

    Latest News