අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පාර්ලිමේන්තු සභාවට

නොවැ 03, 2020

    පාර්ලිමේන්තු සභාවේ අග්‍රාමාත්‍යතුමා විසින් පත් කරන නියෝජිතයා ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පත් කරයි.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා කළ යෝජනාවට ඊයේ 2020.11.02 දින කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ අනුමැතිය හිමිවී ඇත.

    20 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව පාර්ලි‍මේන්තු සභාවේ සංයුතිය වෙනස්වේ.

    ඒ අනුව පාර්ලිමේන්තු සභාව අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා, විපක්ෂ නායකවරයා ඇතුළුව අග්‍රාමාත්‍ය වරයා විසින් පත් කරන නියෝජිතයෙකු, කථානායක විසින් පත්කරන නියෝජිතයෙකු හා විපක්ෂ නායකවරයා විසින් පත් කරන නියෝජිතයෙකුගෙන් සමන්විත වේ.

    2020 මහ මැතිවරණයෙන්, යාපනය දිස්ත්‍රික්කයෙන් තරගකොට පාර්ලිමේන්තුවට තේරී පත් වූ, ඩග්ලස් දේවානන්දා මහතා කැබිනට් අමාත්‍යවරයකු මෙන්ම ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (ඊ.පී.ඩී.පී) නායකයා ලෙසද කටයුතු කරයි.

    පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ සාමාජිකත්වය දරන, අමාත්‍ය ඩගලස් දේවානන්දා මහතා ධීවර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාපතිවරයා මෙන්ම කිලිනොච්චිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතීත්වය ද දරනු ලබයි.

    Latest News