කර්මාන්ත අමාත්‍යංශයේ සේවා සඳහා ඍජු දුරකතන අංකයන් 3ක්

නොවැ 03, 2020

    කර්මාන්ත කරුවන්ගේ ගැටලු ඉදිරිපත් කිරීම සඳහා ඍජු දුරකතන අංක 3ක් අමාත්‍යංශය විසින් හඳුන්වා දී තිබේ.

    ඒ, රටේ පවතින වත්මන් තත්වය හමුවේ ක්ෂේත්‍රය බිඳ වැටීමකින් තොරව අඛණ්ඩව පවත්වා ගෙන යාම අත්‍යාවශ්‍ය බැවින් ඒ සඳහා කර්මාන්කරුවන්ට අවශ්‍ය පහසුකම් සැලසීමටයි.

    මේ සඳහා අධ්‍යක්ෂවරු තිදෙනෙක් පත් කර ඇති අතර එමගින් කර්මාන්තකරුවන්ගේ ගැටලු ඔවුන් වෙත ඍජුවම යොමුකර ක්ෂණික විසඳුම් ලබාගැනීමේ හැකියාව කර්මාන්තකරුවන්ට ලැබී ඇත.

    එම දුරකතන අංක පහත පරිදි වේ.

    කර්මාන්තපුරය තුළ පවත්වාගෙන යනු ලබන කර්මාන්ත පිළිබඳ ගැටලු - අධ්‍යක්ෂ වින්දික පියරත්ත - 071 31 58 114

    කර්මාන්තපුරය තුළ පිහිටා නොමැති අනිකුත් කර්මාන්ත පිළිබඳ ගැටලු - අධ්‍යක්ෂ රසික විජේකෝන් - 011 31 58 114

    ආනයන තීරුබදු පිළිබඳ ගැටලු - අධ්‍යක්ෂිකා සිතාරා ජයසේන - 077 08 20 775

    Latest News