මෙරට 22 වන ‍කොවිඩ්19 මරණය වාර්තාවේ

නොවැ 03, 2020

    මෙරට 22 වන කොවිඩ්19 මරණය වාර්තාවේ. මෙසේ මිය ගොස් ඇත්තේ කොළඹ ජම්පටා වීදියේ පදිංචි වයස අවුරුදු 68ක් වන කාන්තාවක් වන අතර මිය යාමට ආසන්තම හේතුව කොවිඩ් නිව්මෝනියා තත්වය ලෙස සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

    ඇය පසුගිය 01 දින කොළඹ ජම්පටා වීදියේ නිවසක දී මියගොස්, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඉදිරිපත් කර ඇත.

    ඇයගේ පවුලේ සාමාජිකයෙකු කොවිඩ්19 ආසාදිතයෙකු ලෙස මීට පෙර හඳුනාගෙන ඇති අතර අනෙකුත් සාමාජිකයන් ද නිවාස නිරෝධායනයට ලක්කර තිබිණි.

    Latest News