අධ්‍යාපන කටයුතු රූපවාහිනියෙන් සහ ගුවන්විදුලියෙන්

නොවැ 03, 2020

    3 ශ්‍රේණියේ සිට 13වන ශ්‍රේණිය දක්වා පාසැල් දරුවන්ට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන මාධ්‍ය තුනෙන්ම රූපවාහිනී වැඩසටහන් නිර්මාණය කර විකාශය කිරීමට සැළසුම් කර තිබේ.

    ඒ අනුව ජාතික අධ්‍යාපන ආයතනය සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ විවෘත විශ්වවිද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය එක්ව මේ වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කෙරේ.

    රාජ්‍ය සහ පෞද්ගලික රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකාවල සහයෝගය ඇතිව අධ්‍යාපනික වැඩසටහන් මාලාවක් විකාශය කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත්කර තිබූ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.

    මින් පෙර ජාතික රූපවාහිනියේ අයි නාලිකාව සහ නේත්‍රා නාලිකාව මේ සඳහා යොදා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබිණි.

    කොවිඩ් - 19 වසංගත තත්ත්වය නැවත රට තුළ මතුවීම හේතුවෙන් නියමිත පරිදි පාසල් ආරම්භ කිරීම ප්‍රායෝගික නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙයි.

    Latest News