පිටකොටුවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වෙළෙඳසැල් අද(03) විවෘතයි

නොවැ 03, 2020

    පිටකොටුව අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය තොග වෙළෙඳසැල් අද(03) දිනයේ විවෘතව තබන බව අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළෙඳුන්ගේ සංගමය පවසයි.

    එහි සභාපති ජී.රාජේන්ද්‍රන් මහතා සඳහන් කළේ, අලුයම 5.00 සිට පස්වරු 3.00 දක්වා 4 වන හා 5 වන හරස් වීදිවල පිහිටි එම වෙළෙඳසැල් විවෘතව තබන බවයි.

    දිවයිනේ ඕනෑම ප්‍රදේශයක වෙළෙඳුන්ට ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා පැමිණිය හැකි බව ද ඔහු ප්‍රකාශ කළේය.

    Latest News