මධ්‍යම පළාතේ ගුරු සහයකවරුන් 419 ක් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කෙරේ

ඔක් 23, 2020

    මධ්‍යම පළාතේ ගුරු සහායකවරුන් වශයෙන් කටයුතු කළ මහත්ම මහත්මීන් 419 ශ්‍රී ලංකා ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේ දී (23) සිදුවිය.

    මධ්‍යම පළාතේ ගුරු සහයකවරුන් ශ්‍රී ලංකා ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීමේ 5 වන අදියර වශයෙන් ක්‍රියාත්මක කෙරුණු මෙම් වැඩසටහනේදී 2007 වසරේ සිට ස්වේච්ඡා සේවයේ යෙදී සිට 2015 වසරේදී ගුරු සහායකවරුන් වශයෙන් පත්වීම් ලැබූ ගුරු පුහුණුව / ගුරු උපාධිය සම්පූර්ණ කළ මහත්ම මහත්මීන් සදහා මෙලෙස ගුරු පත්වීම් හිමිවූ අතර, පවතින කොච්ඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පත්වීම් ප්‍රධානය කිරීමේ උත්සවය සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය කටයුතු කර තිබුණි.

    Latest News