ජනපතිගේ සහ අගමැතිගේ තෛපොංගල් පණිවිඩය

ජන 15, 2019

    බහුවිධ ආගම් ජාතින් සංස්කෘතින් සාරවත් බව ආරක්ෂාව කරනු පිණිස තෛපොංගල් වැනි සංස්කෘතික උත්සව බෙහෙවින් ඉවහල්වනු ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කියා සිටී.

    මිනිස් වර්ගයාගේ ජිවනාලිය බඳු ගොවිතැනට ඇවසි ජලය, ආලෝකය, උෂ්ණත්වය සහ සුළඟ යන සාධකවලට අධිගෘහිත වු සූර්ය දිව්‍ය රාජයාණන්ට කෘතඥතාව පුද කෙරෙන තෛපොංගල් උත්සවය වෙනුවෙන් සුබපැතුම් එක් කිරීමට ලැබීම පිළිබඳ සතුටු වන බව ජනාධිපතිතුමාගේ තෛපොංගල් පණිවුඩයේ සඳහන්වේ.

    IMG 0001

    අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ තෛපොංගල් දින පණිවුඩය

    pmranil px 900 19 01 15

    දකුණු ඉන්දියාවෙන් ඇරඹුණු තෛපොංගල් උත්සවය ලොව පුරා දමිළ ජනතාව හරසරින් සමරන වැදගත් ආගමික හා සංස්කෘතික උළෙලක් බව අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටී. සරු අවස්වැන්නක් ලබා දීමට ප්‍රමුඛ වූ සූර්ය දිව්‍ය රාජයා නමදිමින් ඊට උපකාරි වු ගවයින් ඇතුළු සොබාදහමට කෘතවේදිත්වය පිරිනමා පළමු අස්වනු මංගල්‍යය සැමරීම, කෘෂි ජන සමාජවල අතීතයේ සිට පැවත එන ප්‍රමුඛ ආගමික පිළිවෙතකි. තෛපොංගල් චාරිත්‍ර වාරිත්‍ර ඉටු කෙරෙන්නේ , මිනිසා සහ සොබාදහම අතර සහජීවනය අර්ථවත් කරන මානව සමාජයේ සාමය සතුට හා සෞභග්‍ය අරමුණු කර ගනිමිනි. වාර්ගික, ආගමික, අන්තවාදී බලවේග පරදා ප්‍රජතාන්ත්‍රවාදය ජයග්‍රහණය කළ වටපිටාවක තෛපොංගල් උත්සවය සැමරීමට ලැබීම පිළිබඳව අග්‍රාමාත්‍යතුමා සතුට පළ කරයි. එක්සත්ව ජීවත්වීමේ අගය අවධාරණය කරමින් තෛපොංගල් සමරන සහෝදර දමිළ ජනතාවට හෘදයාංගම සුභාශිංසන එක්කරන බව ද එතුමා කියා සිටී.

    Last modified on අඟහරුවාදා, 15 ජනවාරි 2019 13:06

    Latest News