පොලී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යාමට මහ බැංකුව තීරණය කරයි

ඔක් 22, 2020

    ප්‍රතිපත්ති පොලී අනුපාත සහ ව්‍යවස්ථාපිත සංචිත අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

    ඒ අනුව, ස්ථාවර තැන්පතු අනුපාතිකය 4 .5 % ක් ලෙස ද ණය අනුපාතිකය 5. 5 % ක් ලෙසද අඛණ්ඩව පවතී.

    කෙසේවෙතත් පවතින කොවිඩ් 19 තත්ත්වය හමුවේ දැනට අඩාලවී ඇති ශ්‍රී ලංකා ආර්ථිකය කඩිනමින් යථා තත්ත්වයට පත්වනු ඇති බවටද මහ බැංකුව අනාවැකි පළකරයි.

    ශ්‍රී ලංකාව, ආර්ථික පුනර්ජීවනය කරා යන මාවතක ගමන් කරමින් සිටින බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වසරේ මේ දක්වා කාලය තුළ දී පෙර නොවූ අයුරින් ක්‍රියාත්මක කරන ලද මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීමේ ක්‍රියාමාර්ග හේතුවෙන් සමස්ත වෙළෙඳපොළ ණය පොලී අනුපාතිකයන්ගේ පහළ යෑම මුදල් ම‍ණ්ඩලය විසින් නිරීක්ෂණය කළ අතර, වෙළෙඳපොළ පොලී අනුපාතික පුළුල් ලෙස පහළ යෑම අඛණ්ඩව පවතිනු ඇතැයි, අපේක්ෂා කෙරේ.

    එමඟින් දැනට පවත්නා අඩු උද්ධමන වාතාවර‍ණය තුළ ආර්ථිකයෙහි ඵලදායි අංශ වෙත අඩු පිරිවැය යටතේ ණය ප්‍රවාහ ගලා යෑම සහතික කෙරෙනු ඇත.

    Latest News