ජාතික වනෝද්‍යාන ප්‍රවේශපත් අන්තර්ජාලයෙන් (වීඩියෝ)

ජන 14, 2019
  • ජාතික වනෝද්‍යාන නැරඹීමේ ප්‍රවේශපත් අන්තර්ජාලය ඔස්සේ වෙන් කරවා ගැනීමේ සේවාව අද සිට ක්‍රියාත්මකයි.

    අපහසුවකින් තොරව සංචාරකයින්ට වනෝද්‍යාන නැරඹීමේ පහසුව ඇති කිරීම මෙහි අරමුණයි. වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙය ක්‍රියාවට නංවයි.
    දිවයිනේ සියලුම භූමි සහ මුහුදු සීමාවන්හි වනජීවි සංරක්‍ෂණය වනජීවි දෙපාර්තමේන්තුවට අයත්වේ. ස්වාභාවික රක්‍ෂිත, පරිසර රක්‍ෂිත, ජාතික උද්‍යාන, සමුද්‍රික ජාතික උද්‍යාන, අභයභූමි ඊට ඇතුළත්. මේ අතරින් ජාතික උද්‍යාන ජනතාව සඳහා විවෘතව පවතී. එහිදී ඔවුන්ට විවිධ සතුන්, ශාක මෙරට පරිසර සුන්දරත්වය එකම ස්ථානයකදී දැකගැනීමේ අවස්ථාව හිමිවේ. සංචාරකයින්ට වනෝද්‍යාන නැරඹීමේදී ඇතිවන ප්‍රමාදවීම්, ප්‍රවේශ පත්‍ර වෙන්කරවා ගැනීමේ ගැටලු ආදියට ප්‍රධාන වශයෙන් මුහුණ දීමට සිදුවේ. මෙම ගැටලු ඊ-ප්‍රවේශ පත්‍ර ලබාගැනීමේ ක්‍රමය මගින් මඟ හැරී යනු ඇති.
    මෙම ක්‍රමය හඳුන්වාදීමේ නිල උත්සවය අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද සංචාරක මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ. එමගින් ලෝකයේ ඕනෑම රටක සිට ජාතික වනෝද්‍යාන නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර වෙන්කරවා ගත හැකියි. විල්පත්තුව ජාතික උද්‍යානයට ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීම අද සිට ක්‍රියාත්මකයි. මේ වසර තුළ යාල හා උඩවලව වනෝද්‍යානවලට මෙම පහසුකම් ලබාදීමට නියමිතයි. ලබන වසරේ සිට එය දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

    Last modified on සදුදා, 14 ජනවාරි 2019 21:11

    Latest News