මත්පෙති 4,048ක් සමඟ අයෙක් දැලේ

ඔක් 21, 2020

    මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ලැබී තිබූ පාර්සලයක තිබී මත්පෙති 4,048ක් සොයා ගැනීමට රේගු මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ නිලධාරීන් සමත්විය.

    මෙම පත්පෙති පාවහන් රඳවනයක් තුළ සූක්‍ෂම අයුරින් අසුරා තිබූ බව රේගු මත්ද්‍රව්‍ය නිවාරණ අංශය පවසයි. දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට ඉතාලියේ සිට එවන ලද පාර්සලයක මත්පෙති සඟවා තිබිණ. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ඉදිරි විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත බාරදී තිබේ.

    Latest News