එක්දිනක් තුළ වැඩිම අත්අඩංගුවට ගැනීම් ඊයේ - 500 කට අධිකයි

ඔක් 21, 2020

    නිරෝධායන ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 500කට අධික පිරිසක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, අද (21) පෙරවරු 6.00න් අවසන් වු ගත වූ පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 125 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

    එය මේ දක්වා එක් දිනක් තුළ අත්අඩංගුවට ගත් වැඩිම පිරිස බව ද ඔහු සඳහන් කළේය.

    ඒ අනුව, මේ වනවිට නිරෝධායන ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 513 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    මේ දක්වා කාලය තුළ රථ වාහන 63ක් ද පොලීසිය භාරයට ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

    කොවිඩ් නයින්ටීන් වෛරසය රට තුළ යළි ව්‍යාප්තවීමත් සමග පසුගිය 04 වැනි දින සිට ගම්පහ පොලිස් බලප්‍රදේශ කිහිපයකට නිරෝධායන ඇඳිරි නීතිය පැනවු අතර මේ වනවිට ගම්පහ සහ කුලියාපිටිය පොලිස් බලප්‍රදේශ 24ක් සඳහා නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ.

    Latest News