කොළඹ කොටුව පොලීසිය රාජකාරී සඳහා යළි විවෘත කෙරේ - 48ක් නිරෝධායනයට

ඔක් 21, 2020

    කොළඹ කොටුව පොලීසිය සාමාන්‍ය රාජකාරී සඳහා යළි විවෘත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

    මේ වනවිට බස්නාහිර පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරික්ෂකවරයෙක්ට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනයවීම හේතුවෙන් කොටුව පොලීසියේ රාජකාරී කටයුතු තාවකාලිකව නතර කර තිබිණ.

    එමෙන්ම කොටුව පොලීසියේ නිලධාරීන් 48ක් නිරෝධායනයට යොමුකර ඇත.

    මේ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.

    "මේ කොටුව පොලිස් ස්ථානය තියෙන ගොඩනැගිලි පරිශ්‍රයේ එක කාමරයක තමයි තියෙන්නේ, බස්නාහිර පළාත් විශේෂ විමර්ශන ඒකකය. ඒක බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ, පොලිස් නිලධාරීන් විසින් කරන යම් යම් අතපසුවීම් හා වැරදි පිළිබඳ විභාග කරන්න තියෙන විශේෂ ඒකකය. මේකට අනියුක්ත නිලධාරීන් 12ක් පමණ ඉන්නවා. මේ ඉන්න අයගෙන් එක් අයෙක්ට තමයි, කෝවිඩ් පොසිටිව් බවට වාර්තා වුණේ. ඒ නිසා ඒ හිටපු සියලූම දෙනා සම්පූර්ණ නිරෝධායනයට යොමු කරලා තියෙනවා. ඒ වෙලාවේ කොටුවේ පොලීසියේ සිටිය අනිත් අය 48 විතර දැනට පොලීසියේ රඳවලා තියෙනවා. ඊට අමතරව පොලීසියට අනියුක්තව පෙර දිනවල රාජකාරිය කළ අනිත් හැමදෙනෙක්ම ඒ බැරැක්කවල ඉන්න ස්ථානවල ස්වයං නිරෝධායනයට යොමු කරලා තියෙනවා"

    විෂබීජහරණ කටයුතු වලින් අනතුරුව අද (21) පෙරවරු 9.00 සිට පොලිස් ස්ථානය යළි විවෘත කිරීමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

     

     

    Latest News