රියදුරු බලපත්‍රවල වලංගු කාලය දිර්ඝ කෙරේ - අතිවිශේෂ ගැසට් නිවේදනයක්

ඔක් 20, 2020

    පසුගිය සැප්තැම්බර් 30 වැනි දින කල් ඉකුත්වීමට නියමිතව තිබු රියදුරු බලපත්‍රවල වලංගු කාලය දිර්ඝ කර ඇත.

    ඒ අනුව බලපත්‍රවල වලංගු කාලය දෙසැම්බර් 31 වැනි දින දක්වා දිර්ඝ කර තිබේ.

    ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ (19) නිකුත් කර ඇත.

    මෝටර් වාහන පනතේ ඇති බලතල අනුව ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාගේ අත්සනින් යුතුව අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර තිබේ.

    Latest News