කිඹුලාඇළේ ගුණාගේ සමීපතමයෙකු සේදවත්තෙන් අත්අඩංගුවට

ඔක් 20, 2020

    ග්‍රෑන්ඩ්පාස්, සේදවත්ත ප්‍රදේශයේදී හෙරොයින් ජාවාරමට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ, පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි අංශ නිළධාරීන්ට ලද තොරතුරක් මත කළ වැටලීමකදීය.

    සැකකරු දැනට විදේශගතව සිටින ‘කිඹුලාඇළේ ගුණා’ නැමති සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයාගේ සමීපතමයෙකු බවට තොරතුරු අනාවරණවී තිබේ.

    ඔහු 1999 සිට ප්‍රින්ස් කොළඹ් නැමති සංවිධානාත්මක අපරාධ කණ්ඩායමේ ද සාමාජිකයෙකු වේ.

    සැකකරු සතුව තිබී අත්අඩංගවට ගෙන ඇති හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 4 කට අධිකයි.

    සැකකරු පුද්ගල ඝාතන හා අපරාධ රැසකට සම්බන්ධ අතර, ඔහු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Latest News