සද්ධන්තයා ගොඩගත් මෙහෙයුම (වීඩියෝ)

ජන 14, 2019
  • හබරණ, පලුගස්වැව ප්‍රදේශයේ වගා ළිඳකඩ වැටී සිටි වන අලියෙකු බේරා ගැනේ. වනජීවී නිලධාරීන් විසින් දැඩි පරිශ්‍රමයක් දරා අලියා ගොඩට ගනු ලැබීය.

    අලියා වෙහෙරගල රක්ෂිතයේ සිට පැමිණෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. කැකිරාව, ගනේවල්පොල හා රිටිගල අඩවි වනජීවී කාර්යාලවල නිලධාරීන් පැමිණ සිදුකළ පැය 7ක පමණ මෙහෙයුමකින් පසු, අලියා ගොඩගෙන වෙහෙරගල රක්ෂිතයටම මුදා හැරීමට කටයුතු කළහ. අලියාගේ වයස අවුරුදු 15ක් පමණ වන අතර, අඩි නවයහමාරකි. අනාරක්ෂිත වගා ළිංවලට වන අලි වැටීම බරපතල ගැටලුවක් බව වන ජීවී නිලධාරීහු පවසති.

    Last modified on සදුදා, 14 ජනවාරි 2019 10:48

    Latest News