කොළඹ මහනගර සභාවේ නිවේදනය

ඔක් 16, 2020

    කොළඹ මහනගර සභාවේ සේවා ලබාගැනීම සඳහා භාරදිය යුතු සියලු අයදුම් පත් මහනගර සභවේ ප්‍රධාන ගොඩනැගිල්ල අසල පිහිටි "සපිරි පියස" කවුළුව වෙතින් භාරගැනීමට කටයුතු යොදා ඇති බව නාගරික කොමසාරිස්වරිය පවසයි.

    නිවේදනයක් නිකුත් කරමින් කොළඹ මහනගර සභවේ නාගරික කොමසාරිස්වරිය ඉල්ලා සිටින්නේ, නගර සභවේ ප්‍රධාන කාර්යාලයට ඇතුළුවීමෙන් වළකින ලෙසයි.

    වරිපනම් බදු සහ කුලී ගෙවීම් බැංකු කාර්යාල හරහා මෙන්ම අන්තර්ජාලය ඔස්සේ ද සිදුකළ හැකි බව නාගරික කොමසාරිස්වරිය පෙන්වාදේ.

    කොළඹ මහනගර සභාවේ නිලධාරිනියකට කොවිඩ් - 19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව සඳහන් වේ.

    මේ අතර කොළඹ මහනගර සභවේ නගරාධිපතිනිය ඇතුළු නාගරික මන්ත්‍රීවරුන් අද(16) දිනයේ පීසීආර් පරීක්ෂණයකට භාජනය විමට නියමිතව තිබේ.

    Latest News