කොරෝනා ආසාදිත මාධ්‍යවේදියා සහභාගී වූ මාධ්‍ය හමුවක් නිසා සෙසු මාධ්‍යවේදීන්ටත් උපදෙස්

ඔක් 16, 2020

    නව කොරෝනා වෛරසය ආසාසනයවී ඇති බවට වාර්තා වන මාධ්‍යවේදියෙකු පසුගිය ඔක්තෝම්බර් 13 වන දින පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට සහභාගිවී ඇති බවට සැක කෙරෙන බවත් ඒ සම්බන්ධව තවදුරටත් පරීක්ෂණ කටයුතු සිදු කෙරන බව සෞඛ්‍ය අංශ විසින් සනාථ කර ඇත.

    මේ හේතුවෙන් එම මාධ්‍ය හමුවට එක්වූ සියලුම මාධ්‍යවේදීන්ගේ තොරතුරු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මේවන විට සෞඛ්‍ය අංශ වෙත ලබාදී ඇත.

    කොරෝනා වෛරසය ආසාදනය වූ මාධ්‍යවේදියාගේ ඉදිරි සෞඛ්‍ය පරීක්ෂණයන්හි ප්‍රථිපල ලැබෙන තෙක් එම මාධ්‍ය හමුවට සහභාගිවූ සියලු මාධ්‍යවේදීන්ට බාහිර සමාජයට විවෘත නොවී ආරක්ෂිතව නිවෙස් වලට වී රැඳී සිටින ලෙස දැනුම් දී තිබේ.

    Latest News