රියාජ් බදුර්දීන්ගේ පෙත්සම ඔක්තෝම්බර් 20 නැවත සලකා බැලේ

ඔක් 16, 2020

    හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් ගේ සොහොයුරා වන රියාජ් බදුර්දීන් යළි අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම ඔක්තෝබර් මස 20 වෙනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද දින නියම කරනු ලැබුවා.

    මෙම පෙත්සම කඩිනමින් සලකා බැලීමට අවශ්‍ය බැවින් ඒ සදහා කෙටි දිනයක් ලබා දෙන ලෙසට රියාජ් බදුර්දීන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියා.

    ඒ අනුව මෙම පෙත්සම ඔක්තෝබර් මස 20දා සලකා බැලීමට අභියාචනාධිකරණය අද දින ලබා දෙනු ලැබුවා.

    පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් යළි අත් අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට රියාජ් බදුර්දීන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියි.

    මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙසට වැඩබලන පොලිස්පති සි.ඩි. වික්‍රමරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

    Latest News