ජාත්‍යන්තර සුදු සැරයටි දිනය අදයි

ඔක් 15, 2020

    ලෝකය පුරා විසිරී සිටින දෘශ්‍යාබාධිත ප්‍ර‍ජාව වෙනුවෙන් අවධානය යොමු කිරීම සඳහා වන ජාත්‍යන්තර සුදු සැරයටි දිනය අදට යෙදි තිබේ.

    දෘශ්‍යාබාධිතයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා 1930 වසරේදී, ඇමරිකාව විසින් සුදු සැරයටිය හඳුන්වාදී ඇත.

    පෙන්සිල්වේනියාවේ ආරෝග්‍ය ශාලාවක සේවය කළ වෛද්‍ය රිචඩ් හුවර් මහතා මෙහිදී පුරෝගාමී මෙහෙවරක් ඉටු කළේය.

    කෙටි කලකින් ඇමරිකාවේ ජනප්‍රිය වූ සුදු සැරයටිය පසුකාලීනව යුරෝපය පුරාද ප්‍ර‍චලිත විය.

    ඒ අනුව 1942 වසරේදි මුලින්ම සුදු සැරයටි දිනය ප්‍ර‍කාශයට පත් කළේය.

    අදට යෙදී ඇති ජාත්‍යන්තර සුදු සැරයටි දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා දෘශ්‍යාධාධිත සුබසාධක සංගමය පවසන්නේ තමන් මුහුණ දෙන ගැටලු ගණනාවක් ඇති බැවින් ඒ ගැන බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බවයි.

    Latest News