“සේනා“ දළඹු මර්දනයට සහය

ජන 13, 2019

    “සේනා“ දළඹු වසංගතය මර්දනයට අවශ්‍ය සහය රජයට ලබාදෙන බව, සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසයි.

    එහි සභාපති නාමල් කරුණාරත්න මහතා වැලිමඩ ප්‍රදේශයේ දී මාධ්‍යයට මේ බව කියා සිටියේය. සේනා දළඹු උවදුර මර්දනයට කෘෂිකර්ම අමාත්‍යාංශය ගත් ක්‍රියාමාර්ග ප්‍රදේශ රැසක සාර්ථකව ක්‍රියාත්මක කෙරේ. එහෙත් බිබිල, රතුගල, නිල්ගල, නෙල්ලියද්ද, බුලුපිටිය, ගල්ගමුව යන ප්‍රදේශවල බඩ ඉරිඟු, මෑ, තුඹ, වට්ටක්කා, කොමඩු ඇතුළු බෝග රැසක් මෙම දළඹු වසංගතය හේතුවෙන් විනාශ වී තිබේ.

    Caterpillar 01 px 900 19 01 13

     

    මේ නිසා ගොවීහු දැඩි අසීරුතාවට පත්ව සිටිති. කෘමිනාශක භාවිතය, සාම්ප්‍රදායික ක්‍රම ඇතුළු ක්‍රියාමාර්ග රැසක් “සේනා“ දළඹු උවදුර මර්දනය සඳහා ගොවීන්ට හඳුන්වා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු කර තිබේ. ඩ්‍රෝන තාක්‍ෂණය භාවිත කරමින් කෘමිනාශක ඉසීම ද සිදු කෙරේ.

    මේ අතර හඳුනානොගත් රෝගයක් පැතිර යාමෙන් මාතගේ දිස්ත්‍රික්කයේ වී ගොවීහු දැඩි අසීරුතාවට පත්ව සිටිති. වගාව ආරම්භ කර මාස දෙකක් තුළ වී ගසේ පත්‍ර කහ පැහැ වී වර්ධනය අඩුවන බව ගොවීහු පවසති. කෘෂිකර්ම උපදේශකවරුන් කියා සිටියේ, මෙවැනි රෝගයක් මීට පෙර හඳුනාගෙන නොමැති බවයි.

    Caterpillar 02 px 900 19 01 13

     

    විවිධ කෘමිනාශක සහ දියර වර්ග ඉසීම සිදු කළත්, ගොයම් ගස වර්ධනය නොවන බව ගොවීහු කියා සිටිති. අදාළ ස්ථානවල පස් සාම්පල බතලගොඩ පර්යේෂණ මධ්‍යස්ථානයට යවන බව, දඹුල්ල කෘෂිකර්ම උපදේශක රංජිත් අමයන්ත මහතා පවසයි.

    Latest News