“ජනපති ගම සමග පිළිසඳර” දෙවැනි අදියර මාතලේ, හිඹිලියාකඩ

ඔක් 02, 2020

    “ජනපති ගම සමග පිළිසඳර” වැඩසටහනේ දෙවැනි අදියර මාතලේ, හිඹිලියාකඩ ගම්මානය මුල් කර ගනිමින් අද ආරම්භ කෙරුණා.

    ග්‍රාමීය ජනතාව මුහුණපා සිටින ගැටලු ඍජුවම සොයා බැලීමේ අරමුණින් “ජනපති ගම සමග පිළිසඳර” වැඩටහන ක්‍රියාත්මකයි. ජනාධිපතිතුමා ජනතාව අතරටම ගොස් ඔවුන්ගේ ගැටලු ඍජුවම හඳුනාගෙන ඊට නොපමාව විසඳුම් ලබාදීම මෙහිදී සිදු කෙරේ. මාතලේ, හිඹිලියාකඩ ගම්මානයට රාජ්‍ය නායකයෙකු පැමිණි ප්‍රථම අවස්ථාව මෙයයි. ගම්මානයේ ජනතාව ප්‍රධාන වශයෙන් කෘෂිකාර්මික හා පානීය ජල ගැටලු පිළිබඳ කරුණු දැක්වූවා.

    මෙහි පළමු වැඩසටහන පසුගිය දා පැවැත්වූයේ බදුල්ල, හල්දුම්මුල්ල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමිනි.

    Latest News