2017 එංගලන්තෙන් ආ කුණු 2020 දී ආපසු හරවා යැවේ

සැප් 28, 2020

    රේගු සහ පාරිසරික නීති රීති උල්ලංඝනය කරමින් ඉකුත් 2017 වසරේදී එංගලන්තයේ සිට ආනයනය කරන ලද කසළ බහාලුම් වලින් 21 නැවතත් එරටට ප්‍රතිනැව්ගත කළ බව රේගුව සඳහන් කරයි.

    එංගලන්තයේ සිට නීති විරෝධී ලෙස අපද්‍රව්‍ය බහාලුම් 263 මෙරටට ආනයනය කර තිබූ අතර, ඒවා කොළඹ වරායේ සහ කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ගොඩගසා තිබිණ.

    මෙම බහාලුම් අතරින් 21 ක් SEAMAX NORWALK, (V/039R) නැමැති නැවට 26 වැනි දින සවස පටවා එංගලන්තයට පිටත්කර යැවූ බව රේගුව පවසයි.

    අනෙකුත් කසළ බහාලුම් 242 සම්බන්ධව මෙරට අධිකරණයේ නඩුවක් විභාග වේ.

    එම කසළ බහාලුම් අතරින් 112 කොළඹ වරායේ සහ තවත් 130 කටුනායක අයෝජන ප්‍රවර්ධන කලාපයේ ගොඩගසා තිබේ.

    Last modified on සදුදා, 28 සැප්තැම්බර් 2020 12:03

    Latest News