කළු පටි කණ්ඩායම UNP නොවේ

ජන 11, 2019

    සමාජ ක්‍රියාකාරී කණ්ඩායම් ගණනාවක් මාධ්‍ය ආයතන ඉදිරිපිට ඊයේ විරෝධතා පවත්වමින් සංදේශ බාරදීම පිළිබඳව තම දැඩි අවධානය යොමුව ඇතැයි, එක්සත් ජාතික පක්‍ෂය පවසයි.

    එම විරෝධතා පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙහෙයවන එන්ජීඕ නඩයක් විසින් සිදුකරන ලද බවට ඇතැම් මාධ්‍ය ගෙන යන ප්‍රචාර කෙරෙහි ද එක්සත් ජාතික පක්‍ෂයේ විශේෂ අවධානය යොමුවී තිබේ.

    පැවති විරෝධතා සඳහා තම කිසිදු සම්බන්ධතාවක් නොමැති බව, එක්සත් ජාතික පක්‍ෂය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. එහි දැක්වෙන්නේ, එම විරෝධතා මෙරට ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතා පරමාධිපත්‍ය ආරක්‍ෂා කරලීම වෙනුවෙන් ඔක්තෝබර් 26 වැනි දින සිට සටන්වැදි සමාජ ක්‍රියාකාරී කණ්ඩායම් ගණනාවකගේ සංවිධායකත්වයෙන් සිදුකරන ලද්දක් බවයි.

    එක්සත් ජාතික පක්‍ෂය සෑමවිටම මාධ්‍ය නිදහස ගරු කරන සහ ආරක්‍ෂා කරන පක්‍ෂයකි. මෙරට මාධ්‍ය ආයතන වෙත බෝම්බ ප්‍රහාර හා ප්‍රචණ්ඩත්වය එල්ල වූ අවස්ථාවලදී සහ මාධ්‍යවේදීන් ඝාතනයට හා තර්ජනයට ලක්වූ අවස්ථාවන්හි දී එක්සත් ජාතික පක්‍ෂය ඊට එරෙහිව පෙනී සිටි අයුරු යළි සිහිපත් කළ යුතු කරුණක් නොවන බව නිවේදනයේ සඳහන් කර ඇත.

    ශිෂ්ට සම්පන්න හා ශිලාචාර අයුරින් පවත්වන විරෝධතාවයකට සිය මාධ්‍ය බලය උපයෝගි කරගනිමින් පහර එල්ල කරන්නට සහ පළවා හැරීමට ක්‍රියාකරන මාධ්‍ය ආයතන මගින් ප්‍රදර්ශනය වන්නේ, කළු මාධ්‍ය මාෆියාවේ සැබෑ ස්වරූපය මිස අන් කිසිවක් නොවන බව නිවේදනයෙන් අවධාරණය කර තිබේ.

    Last modified on සිකුරාදා, 11 ජනවාරි 2019 20:24

    Latest News