52 වෙනුවෙන් සජිත්ගෙන් වැඩ ගොඩක්

ජන 12, 2019

    නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ 52 වැනි උපන් දිනය වන අද දින (12) ජනතාව වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් ආරම්භ කිරීමට නියමිතයි.

    ඒ අනූව, සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන යටතේ අද දිනයේ දී දිවයින පුරා නව උදා ගම්මාන 100ක වැඩ ඇරඹේ. මෙම ගම්මාන 100 සමග ඉදිකෙරුනු ගම්මාන සංඛ්‍යාව 1684 දක්වා ඉහළ නැංවෙනු ඇති.

    පසුගියදා හටගත් මහ ගංවතුරෙන් උතුරු පළාත් කිලිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික්කයෙහි විනාශ වූ නිවාස 5000 වෙනුවට නව නිවාස ඉදිකර දීමේ ව්‍යාපෘති අද දිනයේ දී මුලතිව් දිස්ත්‍රික්කයේ දී පැවැත්වෙන නිල උත්සවයක දී ඇරඹේ. මෙම නිවාස මාස 6ක් තුල තනා නිම කිරීමට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.

    අද පෙරවරු 11.00ට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර, කරඹවැවදී 151වැනි උදා ගම්මානය ලෙස ශ්‍රී සෝභිත නාහිමිගම නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේදාස මහතා අතින් ජනතා අයිතියට පැවරේ.

    තිස්සමහාරාම, කිරින්ද රජමහා විහාරස්ථානයට බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් පූජා කිරීම හා රුපියල් ලක්ෂ 15ක් වටිනා RO ජල පෙරණ පද්ධතියක් පරිත්‍යාග කිරීමද, රුපියල් ලක්ෂ 25ක වියදමින් ඉදිකළ තිස්සමහාරාම, දෙබරවැව, පශ්චිමාරාම විහාරස්ථානයේ දහම් පාසල් ගොඩනැගිල්ල විවෘත කිරීමද, රුපියල් ලක්ෂ 190ක විහාරස්ථානයේ දහම් පාසල් ගොඩනැගිල්ල විවෘත කිරීමටද, රුපියල් ලක්ෂ 190ක වියදමින් සංවර්ධනය කළ මාගම්පුර කෞතුකාගාරයේ ශ්‍රවණාගාරය විවෘත කිරීමද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගීත්වයෙන් අද දිනයේ දී සිදුවනු ඇති.

    Last modified on සෙනසුරාදා, 12 ජනවාරි 2019 09:44

    Latest News