මාතරින් හමුවූ රුසියානු ජාතිකයාට කොවිඩ් 19 නැහැ (වීඩියෝ)

සැප් 25, 2020
  • කොවිඩ් 19 රෝගය වැළඳුනු බවට, මාතර ප්‍රදේශයෙන් හඳුනා ගැනුණු රුසියානු ජාතිකයාට වෛරසය ආසාදනය වී නොමැති බවට පසුව සිදු කෙරුණු පී.සී.ආර්. පරීක්‍ෂණවලින් තහවුරු විණැයි, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

    රුසියාවේ සිට ලංකාට පැමිණි, භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක කාර්ය මණ්ඩල සාමාජිකයෙකු වූ ඔහුට, කොවිඩ් 19 රෝගය වැළඳී ඇති බවට තහවුරු වූයේ, ඉකුත් 23 වැනිදා. ඒ පෞද්ගලික රෝහලකදී සිදුකරන ලද පී.සීආර්, පරීක්‍ෂණයකින්.

    ඔහු රැඳී සිටි මාතර ප්‍රදේශයේ හෝටලයේ කාර්ය මණ්ඩලයේ 24 දෙනෙකු පී.සී.ආර්. පරීක්‍ෂණවලින් අනතුරුව, එහිම නිරෝධායනය වෙමින් සිටී.

    Last modified on සිකුරාදා, 25 සැප්තැම්බර් 2020 21:43

    Latest News