මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තද වැසි

සැප් 20, 2020

    මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් කඩින් කඩ දැඩි සුලං සමග තද වැසි පතිත වෙයි.

    අධික වර්ෂාව හේතුවෙන් ඉහල කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් තවදුරටත් විවෘතව පවති. ජල පෝෂක ප්‍රදේශවලට වැසි ලැබුණහොත් කොත්මලේ ඔයේ දෙපස පදිංචිකරුවන් සැලකිලිමත් ලෙස සිටින ලෙස ජලාශ භාර ඉංජිනේරුවන් ඉල්ලා සිටියි.

    wann px 900 20 09 20

    මේ අතර කාසල්රි ජලාශය පිටාර මට්ටමට අගල් 12 දක්වා ආසන්න වි ඇති අතර, තවදුරටත් වැසි ලැබුණහෙත් කාසල්රි ජලාශයද වාන් දැමිම සිදුවේ. නෝර්ට්‍රන් බ්‍රිච්, විමලසුරේන්ද්‍ර ජලාශය ද වාන් දැමිමට පටන්ගෙන ඇත. මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කැලණි ගගේ ජල මට්ටමද තරමක් ඉහල ගොස් ඇත.

    Last modified on ඉරිදා, 20 සැප්තැම්බර් 2020 11:07

    Latest News