20 වැනි ව්‍යවස්ථා සංශෝධනය කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුයි; මහා සංඝරත්නය

සැප් 19, 2020

    20 වැනි ව්‍යවස්ථා සංශෝධනය කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව, මහා සංඝරත්නය පවසයි. 

    එහෙත්, අවශ්‍ය සංශෝධන ඊට ඇතුළත් විය යුතුයි. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවේ උන්වහන්සේ මේ බව අවධාරණය කළේය.

    කනානායකවරයා අද පස්වරුවේ සුනේත්‍රා මහාදේවි පිරිවෙන් රජමහා විහාරයට පැමිණියේය. එහිදී, මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභියතිස්ස හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.

    අනතුරුව කතානායකවරයා පැමිණියේ බෙල්ලන්විල රජමහා විහාරයටයි.  එහි විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමියන්, කතානායකවරයාට ආශිර්වාද කළේය. 

    Latest News