මියගිය කොටි සාමාජිකයෙකු සැමරූ එම්.කේ. සිවාජිලිංගම් අත්අඩංගුවට

සැප් 15, 2020

    කොටි සාමාජිකයෙකු වූ මියගිය තිලීපන් වෙනුවෙන් සැමරුමක් සංවිධාන කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔහු අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ, කෝපායි පොලිසිය විසින්.

    එල්ටීටීඊ සාමාජිකයෙකු වූ තිලීපන් පිළිබඳ සැමරුම පවත්වා ඇත්තේ උතුරේ උරුම්බිරායි සහ කොණ්ඩාවිල් යන ප්‍රදේශවලදී. එහිදී පහන් දල්වා තිලීපන් වෙනුවෙන් ශෝකය පළකර තිබේ. යාපනය මහේස්ත්‍රාත් අධිකරණය පනවා තිබූ තහනම් නියෝගය කඩ කිරීම හේතුවෙන් එම්.කේ.සිවාජිලිංගම් මහතා දින 14කට රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරිණ. අදාළ තහනම් නියෝගය ලබාදෙන ලද්දේ යාපනය මහේස්ත්‍රාත් එස්. සතිස්සන් මහතා විසිනි.

    Latest News