විග්නේශ්වරන් මහතාට එරෙහි අධිකරණට අපහාස කිරීමේ පැමිණිල්ල

සැප් 15, 2020

    අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී සී. වී. විග්නේශ්වරන් සහ එම පළාත් සභාවේ හිටපු අමාත්‍යවරියක වන අනන්දි සසීදරන් යන අයට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ලක් අභියාචනාධිකරණය හමුවේ විභාගයට ගැනේ.

    උතුරු පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයෙකු වන බී. ඩෙනිෂ්වරන් මහතා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

    එම පැමිණිල්ල අද මහින්ද සමයවර්ධන සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගත්තා.

    එහිදී උතුරු පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයා වශයෙන් කටයුතු කරන අන්තෝනිපිල්ලේ පතිනාදන් සහ උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ හිටපු ලේකම් සිවලිංගම් සත්‍යසීලන් යන අයගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදු කෙරුණා.

    ඉන් අනතුරුව වැඩිදුර විමසීම හෙට දින දක්වා කල් තැබුණා.

    උතුරු පළාත් සභාවේ අමාත්‍යවරයෙකු වු පැමිණිලිකාර බී. ඩෙනිෂ්වරන් මහතා එම තනතුරෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ගොනු කර තිබූ නඩුවකට අදාළව අභියාචනාධිකරණය දුන් නියෝගයක් උල්ලංඝනය කිරිම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේශ්වරන් සහ හිටපු අමාත්‍යවරිය වන අනන්දි සසීදරන් යන අයට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.

    Latest News