රියදුරු බලපත්‍රය ගැනීමට රුධිර පරීක්ෂණය අවශ්‍ය නොවේ

සැප් 12, 2020

    රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී මින් ඉදිරියට කිසිඳු හේතුවක් මත රුධිර පරීක්ෂාව සැලකිල්ලට නොගන්නා බව ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම මහතා පැවසීය.

    වෛද්‍ය සහතිකය ලබාදීමේදී රුධිර පරීක්ෂාව සේවයක් හැටියට පමණක් සිදුකිරීමට තීරණයක් ගෙන ඇති බව රාජ්‍ය අමාතයාංශයේ ඊයේ(11) පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.

    දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි රෝගී තත්ත්වයන් හේතුවෙන් රියදුරු බලපත්‍රය අහිමි කිරීමක් මින් ඉදිරියට සිදුනොවන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    ඇස් පරීක්ෂාව පමණක් වෛද්‍ය සහතිකය නිකුත් කිරීමේදී ප්‍රධාන පරීක්ෂාව ලෙස සැලකිල්ලට ගන්නා බවද ඔහු සඳහන් කරයි.

    ඇස් පෙනීම යම් මට්ටමකින් දුර්වල සහ සුලු ආබාධ සහිත පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදයක් ඉදිරියේදී හඳුන්වා දෙන අතර රියදුරු බලපත්‍රය ලබාගැනීමේදී තැරැව්කරුවන්ට මුදල් දීම අවශ්‍ය නොමැති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

    ත්‍රිරෝද රථවල අනවශ්‍ය කොටස් මොනවාද යන්න පිළිබඳව ඉදිරියේදී ගැසට් කරන බවද ඔහු සඳහන් කරයි.

    Latest News