මන්නාරම වෙරළින් ගංජා කිලෝ 184ක්

ජන 10, 2019

    මන්නාරම, වංකාලේ වෙරළ ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 184 යි ග්‍රෑම් 200  සමඟ  පුද්ගලයෙකු අද (10) අළුයම  අත්අඩංගුවට ගෙන තිබේ. 

    වැටලීම සිදුකළේ  උතුරුමැද නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් විසින්. නාවික හමුදා විසින් අත්අඩංගුවට ගත් එම කේරළ ගංජා තොගය සහ පුද්ගලයා ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම, පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණ.

     

     

    Latest News