වැටලීමෙන් හෙරොයින් ජාවාරම් රැසක් පිළිබඳ හෙළිවේ

සැප් 08, 2020

    මත්පෙති 8900 සමඟ ලොරි රථයක් ඊයේ සවස මෝදර පොලිසිය භාරයට ගැණින.

    මේ සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    වැටලීම ඊයේ සවස 5.15ට පමණ සිදු කෙරිණ.

    ඒ කොළඹ නාගලගම් වීදිය ප්‍රදේශයේ දී. 

    පෙට්ටි 189ක මත්පෙති අසුරා තිබූ බව පොලිසිය පවසයි. 

    සැකකරුවන් රත්මලාන, වැල්ලම්පිටිය සහ දැරණියගල යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

    හංවැල්ල පොලිසිය ඊයේ රාත්‍රී සිදුකළ මෙහෙයුමකදී හෙරොයින් ගංජා යන මත්ද්‍රව්‍ය සහ වල්ලාපට්ටා ඇතුළු නීති විරෝධි භාණ්ඩ සමඟ සැකකරුවන් 22ක් අත්අඩංගුවට ගැනීමට සමත්විය. 

    හෙරොයින් ග්‍රෑම් 5ක්, කේරල ගංජා ග්‍රෑම් 50ක්, වල්ලාපට්ටා කිලෝවක් හා ජංගම දුරකතන 5ක් පොලිසියට බාරයට ගැණින. 

    අත්අඩංගුවට ගැණුන පිරිස අතර වරෙන්තු ලබා සිටි 8ක් වේ.

    කළුතර වස්කඩුව ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය සහ කේරළ ගංජා පැකට් කර අලෙවි කරමින් සිටි 5ක් අත්අඩංගුවට ගැනීමට දකුණු කළුතර පොලිසිය සමත්විය. 

    සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් ඔවුන් මේ ජාවාරමේ නිරත වී ඇති බව පොලිසිය පවසයි.

    අයිස් මත්ද්‍රව්‍යග්‍රෑම් 14ක්, කේරළ ගංජා ග්‍රෑම් 25ක්, මත්පෙති, රුපියල් 64,000ක මුදලක්, ජංගම දුරකතන 6ක් සහ පෝච්චිවල වගා කර තිබූ කංසා පැල තුනක්, පොලිසිය බාරයට ගෙන තිබේ.

    හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීමට පියවර ගන්නා බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා අද පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

    Latest News