පොලිස් කොස්තාපල්වරයා ගැන විමර්ශනයක්

සැප් 06, 2020

    තමිල්නාඩුවේදී ඉන්දීය පොලිස් අත්අඩංගුවට පත්වූ කොළඹ අපරාධ කොට්ඨාසයේ රාජකාරි කළ සැකකාර පොලිස් කොස්තාපල්වරයා සම්බන්ධයෙන් පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

    සැකකාර පොලිස් කොස්තාපල්වරයා, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ සබඳතා පවත්වා ඇද්ද යන්න සොයා බැලීම සඳහා විමර්ශන ආරම්භ කර ඇත. සැකකරු, නීති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට ඇතුළුවීමට උත්සහ කළ අවස්ථාවේ දනුෂ්කොඩි වෙරෙළේදී රාමේෂ්වරම් වෙරළාරක්‍ෂක පොලිසිය විසින් ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

    ඔහු පසුගිය 2වැනිදා හෙරොයින් කිලෝ 23ක් සපුගස්කන්ද ප්‍රදේශයට රැගෙන යාමේ සිද්දිය සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍ය සිටි අයෙකු බව වාර්තාවේ. ශ්‍රී ලංකාවේ සිට ජාත්‍යන්තර මුහුදු සීමාව හරහා, මත්ද්‍රව්‍ය, රත්රන් සහ වෙනත් භාණ්ඩ ප්‍රවාහනය කරන බවට ලද තොරතුරකට අනුව තමිල්නාඩු පොලිසිය ඊයේ සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබිණ. සැකකාර පොලිස් කොස්තාපල්වරයා, තමිල්නාඩු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ ඒ අතරතුරදීයි. මන්නාරමේ පදිංචිකරුවෙකු වන ඔහු වයස අවුරුදු 30ක් වන ප්‍රදීප් කුමාර් බණ්ඩාරනායක යන අයෙක්.

    Latest News