පශු සම්පත් වතුයායක ගින්නක්

ජන 09, 2019

    පශු සම්පත් මණ්ඩලය අයත් හැටන් කොටගල රොසිටා ගොවිපලේ රක්ෂිතයක අද (09) පස්වරුවේ ගින්නක් හට ගෙන තිබේ.

    පස්වරු 2 ට පමණ ඇති වු එම ගින්නෙන් රක්ෂිතයේ අක්කර 25 වැඩි භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.වතු නිවාස පේලියකට ආසන්නයේ පිහිටි මෙම ගින්න සිඝ්‍රෙයන් පැතිර යමින් පවති. ගින්නෙන් අධි බලැති විදුලි රැහන් පද්ධතියකටද දැඩි බලපැමක් එල්ල වි ඇත.

    මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පවතින දැඩි වියලි කාලගුණය සහ දැඩි සුලං තත්ත්වයත් හමුවේ ගින්න සිඝ්‍රයෙන් පැතිරිම සිදුවේ.

    කිසියම් පිරිසක් විසින් මෙම ඉලුක් සහිත රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවයි පොලිසිය සැක කරයි. ගින්න මැඩ පැවැත්විමට කටයුතු කරන පොලිසිය මගින් ගොවිපොල භාර නිලධාරින්ට දැනුම් දි ඇත.

    fire1 px 900 19 01 09

    Latest News