මග හරස්කළ ටොන් 28ක කන්ටේනරය (ඡායාරූප)

ජන 09, 2019

    කොළඹ වරායේ සිට ගිනිගත්හේන පොල්පිටිය දක්වා යකඩ ටොන් 28ක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක් ප්‍රධාන මාර්ගයක් හරහා පෙරලීමෙන් ගිනිගත්හේන ලක්ෂපාන ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු අද (09) අලුයම සිට සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇති බව ගිනිගත්හේන පොලීසිය පවසයි.

    ගිනිගත්හේන කළුගල හරහා ලක්ෂපාන ප්‍රධාන මාර්ගයේ කළුගල ප්‍රදේශයේ දී අද අලුයම 2.30ට පමණ මෙම කන්ටේනර් රථය වංගුවක් ගැනීමේ දී මාර්ගය හරහා පෙරලී ඇත.

    ගිනිගත්හේන පොල්පිටිය ඉදිකරමින් පවතින බොඩ්ලන්ඩ් ජල විදුලි ව්‍යාපෘතියට උපකරණ රැගෙන යමින් තිබූ කන්ටේනර් රථයක් මෙසේ මාර්ගය හරහා පෙරලී තිබේ. අනතුරින් කිසිවෙකුට හානි සිදුව නැත. එම මාර්ගයේ ගමන් ගන්නා වාහන විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කිරීමට ගිනිගත්හේන පොලීසිය කටයුතු කර ඇති අතර මාර්ගය හරහා පෙරලුණු කන්ටේනර් රථය මාර්ගයෙන් ඉවත් කිරීමට පොලීසිය කටයුතු කර ඇත.

     Coterner12

    d

    Coterner4

     

    Latest News